Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බදු බර වැඩිවෙන ලකුණු – බදු පනත් කිහිපයක් වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

2019 නොවැම්බර් මස 27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙන බවයි කැබිනට් තීරණ පිලිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ.

2020 වර්ෂයේ දෙවන භාගයේදී ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට අනුගතව පහත් සඳහන් පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව,

1. 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත

2. 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත

3. 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත

4. 2018 අංක 35 දරන මුදල් පනත

එමෙන්ම, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත හා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත අවශ්‍ය සංශෝධන සිදුකිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.