මෙවර අයවැය යෝජනාවලිය අවසානයේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබුණි.
ඒ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇත.
ඒ අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
එම අවස්ථාවන් 4 පහතින්,
ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීමේදී,
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක, ඉල්ලුම්කරු විසින්.
මෝටර් රථයක් ලියාපදිංචි කරන බලපත්රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්.
ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කරන විටක ගැනුම්කරු විසින්.
මීට අදාළ මාර්ගෝපදේශ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්