Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බණ්ඩාරගම මුස්ලිම් වැසියෝ PCR පරීක්ෂණ එපා කියයි – රටේම තත්ත්වය අවදානමේ

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

මේ වනවිටත් හුදෙකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව බවද ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවන බවද සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.

එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කොරෝනා පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම නිසා ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ මේ වනවිට දැඩි අර්බුදයකට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා එම ප්‍රදේශයේ මුස්ලිම් නායකයන් තම සහෝදර ජනතාව කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන්නැයි ඉල්ලා සිටින බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිහොත් වසංගතය අටළුගමට ගමට පමණක් නොව රටටම වසංගතයක් විය හැකි යැයි ද ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

© Lanka C news

About The Author