Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෝලන්තයත් හංගේරියාවත් යුරෝපා සංගමයට එරෙහි වෙයි.

නීතියේ ආධිපත්‍යය පිළිපැදීම සමඟ යුරෝපා සංගම් අරමුදල් සම්බන්ධ කරන වගන්තියක් සම්බන්ධයෙන් විරෝධතාවක් ප්‍රකාශ කර ඇති හංගේරියාව සහ පෝලන්තය යුරෝපා සංගමයේ අයවැය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

මූල්‍ය පැකේජයට කොරෝනා වෛරස ප්‍රතිසාධන අරමුදලක් සඳහා වෙන් කරන ලද ඩොලර් බිලියන 750ක් ඇතුළත් වේ.

බ්‍රසල්ස්හි පැවති සාමාජික රටවල් 27ක් සම්බන්ධ වූ සංගම් රැස්වීමේ දී අදාළ රටවල තානාපතිවරුන්ට එම අයවැය අනුමත කිරීමට නොහැකි වූයේ රටවල් දෙකෙහි ම නායකයින් ඊට එකඟ නොවූ බැවිනි.

එහෙත් හංගේරියාව මෙන් ම පෝලන්තය ද යුරෝපා සංගමයේ ආරම්භක ගිවිසුමේ සඳහන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැනටමත් විවේචනයට ලක් වී තිබේ.

උසාවි, මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල ස්වාධීනත්වය අඩපණ කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය මේ වන විට දෙරට තුළ ම පරීක්ෂණ පවත්වයි.

කෙසේ වුවත් 2021 – 2027 කාල සීමාව සඳහා ඩොලර් බිලියන 1.1ක මුදලක් සමඟ ජූලි මාසයේ පැවැති සිව් දින සමුළුවෙන් පසු කොරෝන වෛරස උත්තේජක පැකේජය සඳහා සැලකිය යුතු මුදලක් ද වෙන් කිරීම සඳහා යුරෝපා සංගම් රාජ්‍යයන් සියල්ල මින් පෙර සිට ම එකඟ වී තිබුණි.

About The Author