Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිස් ආරක්ෂාව මැද, මාධ්‍ය අනුග්‍රහය මැද – පැණි ධම්මික දේව වරමින් මිනිසුන්ට ගුටි දෙයි

පැණි ධම්මික ලෙස ප්‍රකට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා මේ වන විට තමාට එරෙහිව මත පල කරන පුද්ගලයන්ට දේව වරමට මුවා වෙමින් තර්ජනය කිරීම් සහ පහර දීම් සිදු කරන බවට මේ වන විට පොලිස් පැමිණිලිද ලැබී තිබෙනවා.

කෙසේ නමුත් මේ කිසිවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැති අතර ඊයේ දිනයේද ඔහු පොලිස් ආරක්ෂාව සහිතව පැණි බෙදීමේ නිරත වන අයුරු දක්නට ලැබුණා.

මේ වන තෙක් ඔහුගේ පැණිය කොරෝනා රෝගය සදහා පිළිගත් ඖෂධයක් බව කිසිදු සායනික පරීක්ෂාවකින් තහවුරු වී නොමැති අතර එසේ තිබියදී පවා මෙරට ඇතැම් මාධ්‍ය ආයතන විසින් ඒ සඳහා මාධ්‍ය අනුග්‍රය දක්වන ආකාරයෙන් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා.

ඔහු පවසන්නේ වරකාපොල ප්‍රාදේශීය සභාව විසින් තමන්ට අදාළ පැණිය නිෂ්පාදනයට ,බෙදාහැරීමට සහ විකිණීමට තමන්ට අවසර ලබා දී ඇති බවයි.

පොලිස් ආරක්ෂාව සහ මාධ්‍ය අනුග්‍රහය සහිතව ජනතාව අසරණව සිටින මොහොතක ඔවුන්ගේ ඇස්වලට වැලි ගසමින් රවටමින් මෙම කටයුතු සිදු කිරීම විපක්ෂයද අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් අතර, රටේ නීතිය ක්‍රියාත්මක වීමක් නම් මෙතෙක් දකින්නට ලැබෙන්නේ නැහැ.

About The Author