Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොදු ප්‍රවාහනයේ නැඟ කොරෝනා රට පුරා රජ ගමනේ , ජන ජීවිතය බරපතල අනතුරක

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වෛරසය පිට පළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පෙන්වා දේ.

කෙසේ පුද්ගලික බස් රථ හිමියන් විසින් බස් ගාස්තු ඉහළ නැංවීමට පසුගියදා රජයෙන් අවසර ලබා ගත අතර ඔවුන් එහිදී පොරොන්දු වුයේ අසන ගණනට මගීන් ප්‍රවාහණයට සහ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන බටයි.

නමුත් ක්‍රියාකත්මක තලයේදී බස් ගාස්තු වැඩවීම පමණක් හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය වන ආකාරයක් දක්ක්නට ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් ඉදිරි සතිය ඇතුළත දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ බරපතළ අවදානමක් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට සිදු විය හැකි යැයි ද හෙතෙම අවධාරණය කරයි.

මේ අතර පොදු ප්‍රවාහනයේ දී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බව සඳහන් කරමින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට නව රෙගුලාසියක් ඊයේ (15 වැනිදා) සිට ඇතුළත් කර ඇත.

තවද ධාවනය වන මෝටර් වාහනයක් තුළ කිසිදු මගියකු සිටගෙන ගමන් නොකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි. නව රෙගුලාසි පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා ද දැනුවත් කර තිබේ. ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කරන අතර රෙගුලාසි කඩ කරන්නට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.