2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුරෝහිතයන්, කේවට්ටයන් රජුගේ ගමන අවුල් කරලා – මුරුතෙට්ටුවේ ආනන්ද හිමි පවසයි

ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මේ වන විට පළුදු වී ඇති ස්වරූපයක් පෙන්නුම් කරන බව මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනතා අභිලාෂයන් ඉටු කිරීමට රජය වහා පියවර ගතයුතු බවයි.

පසුගියදා (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ “මේ රට පාලනය කළා රාජ්‍ය නායකවරු 17 දෙනෙක්. ඒ 17 දෙනාට වැඩිය මේ රට පිළිබඳව සොයාබලා පාලනය කරයි කියලා දැඩි විශ්වාසයක් මහජනයාගේ හදවතේ තිබුණා. අද ඒ රජ්ජුරුවන්ගේ පුරෝහිතයෝ කේවට්ටයෝ ඒ රජ්ජුරුවන්ට නිසි ගමනක් යන්න දෙන්නේ නෑ.” යනුවෙනි.