රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සුඩානයේ පිහිටි රතු මුහුදට අයත් වෙරළ තීරයේ රුසියානු නාවික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සුඩානය සමඟ කිසියම් එකඟතාවයකට එළඹී තිබෙන බවට ආරංචි ලැබේ.
කාර්යය මණ්ඩලය 300කට සීමා වන පරිදි සිය නාවික හමුදාව සඳහා සැපයුම් හා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට රුසියාව සැලසුම් කරයි.
කෙටුම්පත් ගිවිසුමකට අනුව, මෙම කඳවුර සුඩාන වරායේ උතුරු මායිමේ පිහිටුවනු ඇත.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෑත වසර කිහිපය තුළ දී ම මොස්කව් නගරය අප්‍රිකාව සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට උත්සාහ ගන්නා ආකාරයක් පෙනී යන බවයි. ලෝක සාමයට එය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරයිද යන වග තවමත් නිගමනය කළ නොහැකි ය.
අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය