පාර්ලිමේන්තු මන්ත්‍රී, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතා පිළිගැනීමේ උත්සවයකට මඩකලපුව, කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ තූර්ය වාදක කණ්ඩායම යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් ඉල්ලා සිටියි.
දේශපාලන රැස්වීම්වලට පාසල් දරුවන් යොදා නොගත යුතු බවටත් කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් දරුවන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවටත් අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත.
එහෙත් එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධානයේ හිටපු මන්ත්‍රීවරයකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම බරපතළ තත්ත්වයක් බව ද සඳහන් කරයි.
වසංගත අවදානමක් සහිත තත්ත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම හෙළා දකින එම සංගමය නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ද පවසයි.
තමන් මේ පිළිබඳව දැනුවත් නොමැති බවත් ඒ ගැන වහාම සොයා බලන බවත් මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.
කෙසේ වුව ද තමන් සහභාගි වන කිසිදු රැස්වීමකට පාසල් දරුවන් යොදා නොගන්නා ලෙස සියලු අධ්‍යාපන බලධාරීන්ට ප්‍රසිද්ධියේ ද දැනුම් දී තිබෙන බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
මෙම පිළිගැනීමේ උත්සවය පවත්වා ඇත්තේ පෙරේදා (12 වැනිදා) ය.
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්