පොල් ප්‍රධාන අපනයන භෝගක් බව කියූ රටට පොල් මද ආනයනය කෙරේ – දේශීය පොල්තෙල් නිෂ්පාදකයා දිරිමත් කරන්නලු
කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන අතර මසකට කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළයාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්, සහ නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා.
පොල් කැබලි ආනයනය රජය සතු ආයතනයක් වන බී.සී.සී ය හරහා සිදු කිරීමට නියමිතයි.
එයට අදාළ කැබිනට් තීරණය පහතින්..

අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි