Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පික්ටන්ගේ ස්මාරකය නැවත ගොඩ නැඟේ.

මෙයට දශක කිහිපයකට ඉහත දී වේල්සයේ වහල් හිමිකරුවෙකු වූ ශ්‍රීමත් තෝමස් පික්ටන් තමා වීරයෙකු යැයි සිතා තමාගේ රූපයක් අන්දවාගෙන, එය කෞතුකාගාරය තුළ තැන්පත් කළේ ය. මේ වන විට එම රූපය පැරැණි වී ඇති හෙයින් එය නැවත අන්දවා, රාමු කිරීමට උත්සාහ කරන බව වේල්සයේ ජාතික කෞතුකාගාරය (එන්.එම්.ඩබ්ලිව්.) පවසයි.

කාඩිෆ්හි එක් ගැලරියක ඇති සිතුවමේ අනාගතය පිළිබඳ මේ වන විටත් එක් කණ්ඩායමක් කෞතුකාගාරයට උපදෙස් ලබා දෙමින් සිටියි.

ශ්‍රීමත් පික්ටන් වෝටර්ලූ සටනේ දී මියගිය වීරයෙකු ලෙස සමරනු ලැබීය.

එනමුත් ට්‍රිනිඩෑඩ්හි ආණ්ඩුකාරවරයා වශයෙන් ඔහු තමාට අයිති ව සිටි වහලුන් හට බොහෝ අතවර කළ අතර, ඒ වන විටත් ඔහු ක්‍රෑර පාලකයෙකු ලෙස ප්‍රසිද්ධ වී තිබිණි.

මෙම වසර මුලදී කාඩිෆ්හි නගර ශාලාවේ දී පික්ටන්ගේ පිළිරුවක් විනාශ කරන ලද අතර, කාර්මර්ටන්ෂයර් කවුන්සිලය විසින් පික්ටන් ස්මාරකයේ අනාගතය ගැන සලකා බලමින් සිටියි.

1758 වසරේ හැවර්ෆර්ඩ්වෙස්ට්හි උපත ලැබූ පික්ටන් බොහෝ සුදු ජාතිකයින් විසින් ආඩම්බරයෙන් සිහිපත් කරන නමුත් ඔහුගේ ක්‍රෑරත්වය ද ඔහුගේ මරණයට පෙර සිට ම ප්‍රසිද්ධ වී තිබිණි.

මේ සියල්ල නැවත පිටතට පැමිණ තිබෙන්නේ “බ්ලැක් ලයිව්ස් මැටර්” ව්‍යාපාරයේ වර්ධනයෙන් පසු ය. පික්ටන් වැනි සුදු වහල් හිමියෙකුට ගෞරව දැක්වීම පිළිබඳ එම ව්‍යාපාරය සිය සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කර සිටියි.

About The Author