Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැපරාසීන්ට බය සොන් ජුන්.

1985 වසරේ සැප්තැම්බර් මස 19 වන දින කොරියාවේ දායිජියොන් නුවර දී උපත ලද සොන් ජුන් කි, ලාංකීය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වූයේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරුණු “අසලියා මල” නාට්‍ය මාලාවේ “කූ යොන් හා”ගේ චරිතය තුළිනි. මේ වන විට සිරස නාලිකාවේ විකාශනය වන “හිමන්තරා” ටෙලි නාට්‍යයේ “කපිතාන් යූ ෂි ජින්”ගේ චරිතය රඟ දක්වන්නේ ද ඔහු ය. 2008 වසරේ A Frozen flower චිත්‍රපටයෙන් කළඑළි බැසි ඔහු මේ වන විට චිත්‍රපට 8කට, ටෙලි නාට්‍ය 14කට හා තවත් බොහෝ වැඩසටහන්වලට රංගනයෙන් දායක වී තිබේ.

Q – හිමන්තරා නාට්‍යයේ වැඩ කරන හුඟක් අය කියන්නේ ඔයා නියම මිනිහෙක් කියලා.

A – අනේ මන්දා… හුඟක් අය එහෙම කියනවා. ඒත් මට තේරෙන්නේ නෑ ඒ අය ඔය කියන පිරිමිකම මනින්න යොදාගෙන තියෙන්නේ මොන විදිහේ මිනුම් දණ්ඩක් ද කියලා. සමහර විට මං හැමෝම එක්ක ගනුදෙනු කරන විදිහ නිසා වෙන්න ඇති. 

Q – ඇත්තට ම පෙම්වතෙක් විදිහට ඔයා. මොන වගේ චරිතයක් ද?

A – ම්… ටිකක් විතර ෂි ජින් වගේ. ⁣ඉස්සර කෙසේ වෙතත් දැන් නම් ටිකක් ඊට සමානයි. මොකද මම ඒ චරිතයෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපේ තිර රචකයා වුණු කිම් යුන් සුක් තමයි ඒ චරිතය ඔය විදිහට ගොඩ නැඟුවේ. යූ ෂි ජින් හැමවෙලේ ම හැසිරෙන්නේ කාන්තාවන්ගේ සිතිවිලි හඳුනගෙන වගේ. එයා කෙල්ලෙක් එක්ක කතා කරනකොටත් කියන්නේ ඒ කෙල්ල අහන් ඉන්න කැමති දේවල්. 

ඉතින් ඒ ක්‍රමය ඇත්තට ම සාර්ථකයි. මොකද මට පේනවා නේ අපේ කිම් මහත්තයාට කෙල්ලන්ගෙන් තියෙන කරදරේ….

Q – ගොඩ දෙනෙක් හිමන්තරා නාට්‍යයට කැමතියි. ඒත් සමහරු නම් බණිනවා ඒකෙ තියෙන්නෙ ලව් කරන හැටි විතරයි, කිසි තාර්කික බවක් නෑ කියලා. 

A – ඔව්, මටත් ආරංචි වෙලා තියෙනවා නාට්‍යය ගැන වෙනස් විදිහේ මතයන් සෑහෙන ප්‍රමාණයක් ගැන. කොයි විදිහේ වුණත් ප්‍රශංසා වගේ ම විවේචනවලටත් මම නම් ස්තූතිවන්ත වෙනවා. අපි අපට පුළුවන් හැටියට නාට්‍යයක් රඟපෑවා. බලන නොබලන එක ප්‍රේක්ෂකයන්ගෙ වැඩක්. 

කොහොම වුණත් ඔය ලව් කරනවා විතරයි කියන චෝදනාව ගැන මං අපේ කිම් මහත්තයා එක්ක කතා කරන්න ඕනෙ. 

Q – නාට්‍යය ඇතුළෙ හරි ආදරණීය වචන, වාක්‍ය එහෙම දකින්න තියෙනවා. ඒවායින් වැඩි හරියක් පූචානම් කතා කියලා දන්නවා වුණාට ඔයා ඒ දෙබස් කියද්දි හරියට ඇත්ත වගේ නෙ.

A – ඇත්ත ද? හැබැයි මට නම් හිතෙන්නෙ නෑ ඒවා මූනිච්චාවට කියන කතා කියලා. මට දැනෙන්නෙ ම ඒ ආදරය මගේ හදවත ඇතුළෙන් ම එන දෙයක් විදිහට. ඉතින් මම දෙබස් කියන්නේ ඇත්තට ම යි. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයින්ටත් එහෙම දැනෙන්නේ.

Q – ඔයා වැඩිපුර එකඟ වුණේ නැති දර්ශන මුකුත් තිබුණේ නැද්ද?

ෂි ජින් සහ මෝ යි⁣ඔන් දෙන්නා කිස් කර ගන්න තැන මට එච්චර හරි ගියේ නෑ. මට හිතුණෙ ම එච්චර දෙයක් කරන්න තරම් ඒ දෙන්නා තවම ඉක්මන් වැඩියි කියලා. මට නම් දැනෙන හැටියට සැබෑ ජිවිතයේ දී ඇත්තට ම ආදරය කරන පෙම්වතුන් යුවළක් එච්චර ඉක්මනට කිස් එකක් තරම් දුරදිග යන එකක් නෑ. එතන තියෙන්නෙ රාගයක් ව්තරයි.

හැබැයි මට වැරදුණා. මොකද ප්‍රේක්ෂකයින් හරි ම කැමති වුණා ඒ දර්ශනයට. 

Q – යූ ෂි ජින් නම් හොඳ විහිළුකාරයෙක්. ඔයත් එහෙම ද? 

ම්… ෂි ජින් තරම් ම නැහැ. මම ටිකක් ලැජ්ජයි වගේ. විශේෂයෙන් ම වාර්තාකාරයෝ මගේ පස්සෙන් එළවගෙන එනකොට මට බය හිතෙනවා. එතකොට මට ඕනෙ පැනලා දුවන්න. ෂි ජින් නම් එයාලා එක්ක විහිළු කරයි. මට බෑ අප්පා. 

ඒත් මං හරි කැමතියි සම්මුඛ සාකච්ඡාවලට. ඒ කියන්නේ කලබල නොකර එක එක්කෙනා ප්‍රශ්න අහනවට. මිනිස්සුත් එකක කතා කර කර ඉන්නත් කැමතියි. ඒ කතා බස්වලින් මම සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. 

Q – සොන් ජුන් කි කියන්නෙ කවුද කියලා වචන කිහිපයකින් විස්තර කළොත්? 

මම ලෙහෙසියෙන් දුක් වෙන්නෙ නෑ. අනිත් අයව අපහසුතාවට පත් කරන්න කැමති නෑ. සතුටින් ඉන්න කෙනෙක්. 

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author