Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැණි බොන්න මහ සෙනඟ – ඔසුවක් ලෙස නොව ආහාර අතිරේකයක් ලෙස රජයේ අනුමැතිය , “විශ්වාස නැත්නම් බොන්න එපා” – ධම්මික මහතා කියයි

ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා නසන ඖෂධය ලෙස පැවසෙන පැණිය ලබා ගැනීම සඳහා විශාල ජනකායක් ඒ මහතාගේ නිවසට පැමිණෙමින් තිබෙන බව වාර්තා වනවා.

ඒ මහතාගේ නිවසට පැමිණෙන අති විශාල ජනතාව රැස්ව ඇති ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විශාල ජනකායක් ඒ මහතා ජීවත්වන මාවනැල්ල උඩුමාගම ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව අතරත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් ඇතිව තිබෙන බව ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

කෙසේ වෙතත් පොලිසිය ද මැදිහත්ව පිරිස පාලනය කිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණා.

“ශ්‍රී වීර භද්‍රධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය” ලෙස නම් කර ඇති මෙම පානය ජනතාවට සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදා හරින බව එහි නිර්මාණ කරු ධම්මික බණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම අදාල පානය පිළිබඳ විශ්වාසයක් නොමැති නම් එය පානය නොකරන ලෙසත් ඒ පිලිබද විවේචන නොකරන ලෙසත් ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා.

පැණිය, ආහාර අතිරේකයක් ලෙස නම් කිරීමට රජය තීරණය කරයි

මේ අතර කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ආහාර අතිරේකයක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම ඖෂධය ආහාර අතිරේකයක් ලෙස හඳුනාගත් බවයි.

එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත සූත‍්‍ර කමිටුව මගින් එය අනුමත කළ බවද ඔහු සඳහන් කරයි.

අදාළ ඖෂධය වතුපිටිවල රෝහලේ දී අවස්ථා දෙකකදී සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත රෝගීන් සියයට සීයක්ම සුවපත් වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

දර්ශන – Newshub.lk

About The Author