Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැණි බෙදිල්ලට බාල්දියක් – පොලිස් පරීක්ෂණයකුත් ඇරඹෙයි

කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී කොරෝනා රෝගයය සුවවන් බව පවසමින් “ශ්‍රී වීර භද්‍රධම්ම කොරෝනා නිවාරණ ප්‍රතිශක්ති ජීව පානය” නම් පැණියක් බෙදා හැරීමේ සිදුවීම අද දිනය පුරා සමාජ මාධ්‍ය ජාලවල විශාල කතා බහකට ලක් වුණා,

ධම්මික බණ්ඩාර නම්වි පුද්ගලයෙකු විසින් නොමිලයේ මෙම පැණි බෙදාහැරීමේ කටයුත්තක් සිදුකරන බව ප්‍රචාරය කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවක් ඔහුගේ නිවෙස අසලට රැස්ව සිටියා.

ඔහු එම ක්‍රියාව සිදු කළේ මහා සංඝ රත්නයේද ආශිවාද ඇති වයි.

එමෙන්ම පැණි ලබා ගැනීමේ පෝලිම් වල හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ද රැදී සිටිනු දක්නට ලැබුණා.

කිසිදු ස්ථානයක කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය නිර්දේශ කිසිවක් පිළිපදින ආකාරයක් දක්නට නොලැබීමද විශේෂත්වයක්.

එබැවින් මීට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයක් ද එල්ල වුණා.

ඖෂධය බෙදාහැරි ධම්මික බණ්ඩාර මහතා ද මුඛ ආවරණයක් හෝ නොපැලද ඖෂධ බහා තිබූ කාලේ බෝතල් බෙදාහරින ආකාරය දක්නට ලැබුණා.

මේ පිළිබදව සිදුවූ පැමිණිලි මත කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් අදාල ඖෂධය බෙදාහැරීමේ ක්‍රියාදාමය නතර කර තිබෙනවා.

මේ අතර මෙවැනි අවස්ථාවක් සංවිධානය කළේ කෙලෙසදැයි කෑගල්ල ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වාර්තාවක් කැදවා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.