Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරය මෙහෙයවූවන්, ප්‍රහාරකයින් අතහැර – වළක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශපාලකයන්ට සහ නිලධාරීන්ට දඩුවම් දීමේ සුදනමක් ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැවති රජයේ ප්‍රධානින් රැසකටම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සභාව නිර්දේශ ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

තමාම පත්කළ කොමිසමෙන්ම සිරිසේන ජනාධිපති චුදිතයෙකු බවට පත් වෙයි ?

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෙම ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වන අතර ජනාධිපතිවරයෙකු තම විසින්ම පත්කළ කොමිසමක් මගින් වග උත්තර කරුවෙකු ලෙස නම් කිරීම සුවිශේෂී සිදුවීමක්.

ඊට අමතරව එවකට හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ට ද අපරාධ චෝදනා ගොනු කරන්නැයි එහි නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.

කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි ඔවුනට චෝදනා ගොනු කරන ලෙස ද ඉන් නිර්දිදේශ කර ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් විපක්ෂය සහ සිවිල් සංවිධාන රැසක් චෝදනා කරන්නේ රජය සිතාමතාම පාස්කු ප්‍රහාරයේ සැබෑ වරද කරුවන් සගවමින් සිටින බවයි.

ප්‍රහාරයට නායකත්වය ලබා දුන් සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිදගේ කට උත්තරය මාධ්‍යයට වසන් කිරීම, මේවන විට ඉන්දියාවට පලාගොස් ඇතැයි පැවසෙන කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල ත්‍රස්තවාදියාගේ බිරිඳ වන සාරා හස්තුන් අත්අඩංගුවට ගැනීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරනා රැසක් හේතුවෙන් රජය දෙසට ඇගිල්ල දිගුවී තිබෙනවා.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුව සාරා හස්තුන් මෙරටට ගෙන ඒමට වහා පියවර ගත යුතු බවයි,

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පාස්කු කොමිසම් වාර්තාව වහා ප්‍රසිද්ධියට අපත් කරන ලෙස රජයට අභියෝග කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතියේ යුක්තිය බලාපොරොත්තු වන අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිම්පාණන් පවසන්නේ රතු පලස් යට පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාද කරුවන් සැඟවීමට ඇතැමුන් උත්සහ දරන බවයි.

ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක්

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමට අවසන් වරට සාක්ෂි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ශානි අබේසේකර මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස යම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බවයි.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මෙම කරුණම සඳහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ දක්වා පාස්කු ප්‍රහරය ට එවකට රජයේ සහ ආරක්ෂක අංශවල සිටි දේශපාලකයින්ට සහ නිලධාරීන්ට චෝදනා එල්ල වුවද සබැ ලෙසම ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහ ක්‍රියාත්මක කළ අපරාධකරුවන් ප්‍රසිද්ධ හෙළිදරව්වක් සිදුවී නැහැ.

කෙසේ වෙතත් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය පමණක් මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු පිලිබඳ හෙළිදරව් කර තිබෙනවා.

අමාත්‍ය සරත් වීරසේකරගේ හෙළිදරව්ව

මේ අතර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ අවසන් කොට 32 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බවයි.

නමුත් ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වූ නිසා නීතිපතිවරයාට නඩු කටයුතු කිරීම ප්‍රමාද වූ බව ද සඳහන් කළ වීරසේකර මහතා ජනාධිපති කොමිසම හරහාද ලැබෙන සාක්ෂි පදනම් කරගනිමින් අපරාධකරුවන්ට වඩාත් ශක්තිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවද සඳහන් කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ වීරසේකර මහතා පෙන්වා දුන්නේ ප්‍රහාරය සම්බන්ධ තවත් 241 දෙනෙකු රැදවුම් නියෝග මත රඳවා සිටින බවයි.

ඒ අනුව අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අවධාරණය කළ වීරසේකර මහතා ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවන බවද අවධාරණය කළා.