Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරයේ වගඋත්තර කරුවන් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි – මියගිය තම පුරවැසියන්ට සාධාරණය ඉටු කරන බවත් කියයි

2019 වසරේ මෙරට දී සිදුවූ වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු ෆෙඩරල් අධිකරණය නීතිමය පියවර ගෙන තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ රට දී සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මියගිය පිරිස අතරට අමරිකානු පුරවැසියන් පස් දෙනෙකු ද ඇතුළත්. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධිකයි.

ලොස් ඇන්ජලීස් අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ ප්‍රහාරයෙන් මිය ගියගිය එක් අමෙරිකානුවෙකු රාජකාරි කටයුත්තක් සඳහා මෙරටට පැමිණ සිටි අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බවයි.

ලොස් ඇන්ජලීස් අධිකරණ සේවා දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයට පත් කළේය මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනකුට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාව පියවර ගත් බවයි.

අදාල පුද්ගලයන් තිදෙනාට අයිඑස් අයිඑස් සංවිධානයට ද්‍රව්‍යමය ආධාර ලබා දීම සහ සහය පළ කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා.

ලොස් ඇන්ජලීස් අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ දැක්වෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් දින දෙකකට පසු ISIS සංවිධානය අදාළ ප්‍රහාරයේ වගකීම භාරගත් බවයි.

බටහිරට සිදුකරන පළිගැනීමක් ලෙස ලංකාවේ ප්‍රහාර මාලාව එල්ල කිරීම්ට ISIS සංවිධානය ක්‍රියා කළ බව ද එහිදී සදහන් වූ බවද ලොස් ඇන්ජලීස් අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

ඇමරිකානු නීති නිලධාරී නික් හැනා මතතා සඳහන් කරන්නේ මෙම පාස්කු ප්‍රහාරයේ වග උත්තර කරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා රජයේේ පාර්ශ්වයෙන් බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ඒ සදහා අමෙරිකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද සදහන් කර තිබෙනවා.

අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ලෝකයේ විවිධ රටවල සිදුවන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාවේ FBI රහස් ඔත්තු සේවය නිරන්තර අවධානයෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ලංකාවේ සහයෝගය ද ලබා ගනිමින් වසර දෙකක් තිස්සේ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල අනූව වග උත්තරකරුවන් නම් කිරීමට ඇමරිකාවට හැකි වූ බවයි.

ලොස්ඇන්ජලීස් අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ ප්‍රවෘත්ති නිවේදනයේ මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකික පුරවැසියන් තිදෙනෙකු පාස්කු ප්‍රහාරයේ වග උත්තර කරුවන් බවට පත් කර තිබෙනවා.

එක් පුද්ගලයෙක් ISIS සංවිධානයේ මෙරට දෙවන එමීර්වරයා ලෙස කටයුතු කළ බව පැවසෙන මොහොමඩ් නවුෆර් නමැති පුද්ගලයෙක්.

ඔහු ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රචාරක කටයුතුවලට නායකත්වය ලබා දී ඇති බවත් නවකයින් බදවා ගැනීම සහ ඔවුන්ට හමුදා පුහුණුව ලබාදීමේ දීමේ කටයුතු ද ඔහුගේ නායකත්වය යටතේ සිදුකර ඇති බවද අනාවරණය වී තිබෙනවා. ඔහු හඳුන්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ISIS ලෙසයි,

විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති දෙවැනි පුද්ගලයා මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කන් නම් අයෙක් .

ඔහු පාස්කු ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කර තිබෙනවා.

තුන්වන පුද්ගලයා අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් නැමැත්තායයි.

ඔහු පොලිස් නිලධාරියකු ඝාතනය කිරීම සහ රාජකාරි ගිනි අවි පැහැර ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වී තිබෙනවා.

අමෙරිකාව තුල හෝ ඉන් පිටත රටකදී හෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එමගින් ප්‍රහාරයෙන් විපතට පත්වූ සිය ගණනක් වූ පවුල්වල ඥාතින්ට එය අස්වැසිල්ලක් වන බවත් සිද්ධිය ගැන විමර්ෂණය කරනු ලබන FBI ලොස් ඇන්ජලිස් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිස්ටි කේ. ජොන්සන් මහතා සදහන් කරනවා.