පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සැගවීමට උත්සහ කරන්නේ නම් වත්මන් ආණ්ඩුව ඉවත් කොට වෙනත් කණ්ඩායමකට එම පරීක්ෂණ භාර කිරීමට සිදුවිය හැකි බව අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වන විට අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් තමා බලාපොරොත්තු තබා සිටින බවයි.
කෙසේ වෙතත් තම හිතවතුන්, ඩීල් කරුවන් ආරක්ෂා වන අයුරින් පරීක්ෂණ කටයුතු සිදුවුවහොත් හෝ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සැබෑ මොළකරුවන් පිළිබඳ අනාවරණය කිරීමට රජය අපොහොසත් වුව හොත් හෝ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සඳහන් කළා.
ඇතැම් විට වෙනත් පිරිසකට එම වගකීම භාර දීමට සිදුවන බවද උන්වහන්සේ සදහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ වාර්තාවක් දෙසැම්බර් මස 20 වනදා නිකුත් වන බවට් පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් අගරදගුරු මැදුරේදී මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින්.
මීට අමතරව ෂරියා නීතිය රටේ නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතල වරදක් බවද කාදිනල් හිමිපාණන් මෙහිදී සදහන් කළා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
රිලව් චීනයට යවන්නේ ඇයි?
ඉන්ධන කෝටාව ගැන අලුත්ම තීරණයක්
අද කාළගුණ අනාවැකිය