පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබෙනවා.
එම වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර ඇතිබව සඳහන්.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරයට නම් කර ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් මෙම කමිටුවට යොමු කිරීමට නියමිතයි.
කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර මහතා පත්කර තිබෙනවා.
කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි