කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් අද (27) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.මෙහිදී සාකච්ඡාවට බඳුන් වූයේ පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීම සම්බන්ධයෙනි.
රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස මෙම වැඩසටහන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් ඉදිරිපත් කරන ලදි.
වත්මන් පාසල් දරුදැරියන් අතර මන්දපෝෂණය, අධිපෝෂණය වැනි පෝෂණ ඌනතාවයන් පවති. තවද අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය ද පාසල් දරුවන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවතීම ගැටළුවකි.
මෙම ගැටළු වලට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල් වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩාත් වැදගත් බව මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් පෙන්වා දෙන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම යෝජනාවට එකඟතාවය පළ කල අතර මෙම වැඩසටහනේ ශක්‍යතා අධ්‍යනයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.
අදාල මාධ්‍ය නිවේදනය පහළින්
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි