රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් වන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන ඒමින් ශිෂ්‍යත්ව විභාගය සරළ කර තරගකාරීත්වය අවම කිරීමට ද යෝජනා කර ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට