Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාර්ලිමේන්තුවේ දේශපාලන පවුල් ගස් බරසාරෙට වැවිලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ වත්මන් 09 වැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 28% කට ආසන්න ප්‍රමාණයක් පවුල් සබඳතා මත තේරීපත්ව(උපත හෝ විවාහය හරහා පැනනගින) ඇති බව Manthri.lk හි නව සමීක්ෂණයකින් හෙළි වේ.

එම සමීක්‍ෂණයට අනුව, වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 233 දෙනා අතරින් මන්ත්‍රීවරුන් 66 දෙනෙකුට අවම වශයෙන් එක් දේශපාලන පවුලක සම්බන්ධයක් හෝ පවතී.

ඒ අතරින් 34දෙනෙක් හිටපු මන්ත්‍රීවරුන්ගේ දරුවන් වන අතර, 04දෙනෙක් වත්මන් මන්ත්‍රීවරුන්ගේ දරුවෝ වෙති. එසේම 07දෙනෙක් තුන්වැනි පරම්පරාවේ මන්ත්‍රීවරු වන අතර, දෙදෙනෙක් (02) වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ තුන්වැනි පරම්පරාවේ දරුවෝ වෙති.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් 16 දෙනෙක් හිටපු මන්ත්‍රීවරයකුගේ බෑණනු හෝ ලේලියෝ වන අතර, 10 දෙනෙක් හිටපු / වත්මන් මන්ත්‍රීවරයකුගේ සහෝදර සහෝදරියෝ වෙති. තවත් 04 දෙනෙක් හිටපු මන්ත්‍රීවරයකුගේ භාර්යාවෝ වෙති.

එම සමීක්ෂණයට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකුගේ දෙමාපියන්/සහෝදර සහෝදරියන්/දරුවා/කලත්‍රයා හිටපු ප්‍රධාන ඇමැතිවරයකු වූ අය වන අතර, 06 දෙනකු තම දෙමාපියන්/සහෝදර සහෝදරියන්/දරුවා/කලත්‍රයා හිටපු පළාත් සභාවක මන්ත්‍රීවරයකු වූ අයයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ක්‍රියාවන් සහ ක්‍රියාකාරකම් විස්තර කරන ත්‍රෛභාෂා වෙබ් අඩවියක් වන Manthri.lk විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

About The Author