පානදුර ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලීසිය සදහන් කරයි.
පානදුර ජනප්රිය මාවතේදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනකු පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් පොලීසිය තවදුරටත් කීය.
එම පහරදීම මුල්කර ගනිමින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් පහරදීම සිදුකල බව කියන පුද්ගලයන් පදිංචි මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයිද සදහන් වේ.
මෝදරවිල මහල් නිවාස සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි