පාදුක්ක, අරුක්වත්ත ප්‍රදේශයේ අවමඟුලකට සහභාගි වූ හතළිස් දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කළ පසු ඒ අතරින් 26 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බව ඊයේ (30 වැනිදා) තහවුරු වී තිබේ.
ඉකුත් 24 වැනිදා අරුක්වත්ත ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක් නිවස තුළදී මියගියේය. අනතුරුව අවිස්සාවේල්ල රෝහලට දේහය රැගෙන යාමෙන් අනතුරුව කළ පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වයිරසය අසාදිතව ඇති බවටයි.
ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එම පුද්ගලයාගේ පවුලේ අය සහ එම අවස්ථාවේ නිවසට පැමිණි පුද්ගලයන් 40 දෙනකු පීසීආර් පරීක්ෂාවට කිරීමෙන් පසු මෙලෙස ආසාදිතයන් සොයාගෙන ඇත.
මෙම පිරිස් සමග සමීපතව ඇසුරු කළ පවුල් පනහකට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මියගිය පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැත. ඔහු ආ ගිය තැන් හා ඇසුරු කළ පුද්ගලයන් සොයා විමර්ශන සිදුකරන බව පාදුක්ක පොලිසිය පවසයි.
© හේමන්ත ලියනපතිරණ – අරුණ
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක