පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍ය ධූරය භාර ගන්නේ නම් තමන් ඉතා කැමැත්තෙන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
විදුලි බල අමාත්‍යාංශය චම්පික රණවක මහතා විසින් බාර ගන්නේ නම් හොද බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් එය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් ඒ සඳහා තමන්ගේ කිසිම විරුද්ධතාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
අමාත්‍යංශය භාර දීමට සුදුසු පුද්ගලයෙක් සිටී නම් තමන් ඕනෑම මොහොතක ඒ සඳහා සූදානම් බව ජනාධිපතිවරයාට තමන් දැනුම් දුන් බවද ඉහු මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාඨලී රණවක මහතා අතරද මේ සම්බන්ධයෙන් කතා බහක් සිදුව ඇති බව ද වාර්තාවනවා.
කෙසේ වෙතත් වාර්තාවන අන්දමට රණවක මහතා අමාත්‍ය නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවන්නේ.
ඔහුගේ ස්ථාවරය වී ඇත්තේ සමාජය තුළ ද ජනතාව ඉල්ලා සිටින්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයන් වහා සිදුකළ යුතුව ඇති බවයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්