Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාකිස්තානු ජනතාව අගමැතිට එරෙහි වෙති.

epa07740494 Supporters of opposition political parties rally as they observe anniversary of the general elections as 'BLACK DAY' to protest government policies, in Lahore, Pakistan, 25 July 2019. The Pakistani general elections were held on 25 July 2018 bringing Imran Khan and his Pakistan Tehreek-e-Insaf party (PTI) into power. EPA-EFE/RAHAT DAR

විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන මුස්ලිම් ලීගය ඇතුළු විරුද්ධ පක්ෂ තම රජයට එරෙහි ව මහජන විරෝධතා මාලාවක් පවත්වමින් ඉම්රාන් ඛාන්ට තනතුරෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමින් සිටිති. ඔවුන් චෝදනා කරන්නේ 2018 මැතිවරණයෙන් අගමැති බලයට පත්වූයේ හමුදාවේ උපකාරයෙන් බවයි.

වැඩිවන කොවිඩ් 19 වසංගතය මැඬපැවැත්වීම සඳහා ගෙන ඇති පියවරක් වන රැස්වීම් තහනම් කිරීමේ නීතිය ද නොතකා පෙෂාවර් ඇතුළු නගර කිහිපයක ම විරෝධතාකරුවන් දහස් ගණනක් උද්ඝෝෂණවල නිරත වෙති. එහෙත් දූෂණයන්ට එරෙහි වීමේ පොරොන්දුව මත බලයට පැමිණි අගමැතිවරයා කියා සිටියේ තමා මේ වන විට ක්‍රියාත්මක කරමින් යන විපක්ෂ නායකයින්ට එරෙහි දූෂණ නඩු අතහැර දැමීම සඳහා තමා බ්ලැක්මේල් කිරීම මෙම උද්ඝෝෂණ මාලාවේ අරමුණ බව යි.

පාකිස්තානු හමුදාව විසින් තම හමුදා දේශපාලනයට ඇඟිලි ගැසූ බවට කෙරෙන විරුද්ධ පාක්ෂික චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඛාන් මහතා ද සිය ජයග්‍රහණය උදෙසා හමුදාවේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කරයි.

පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය (පී. ඩී.එම්.) ඔක්තෝබර් 16 වන දා සිට මහජන පෙළපාලි මාලාවක් පවත්වා තිබේ. එහි සාමාජිකයන් දක්ෂිණාංශික ආගමික කණ්ඩායමක සිට කේන්ද්‍රීය හා වමේ මධ්‍යයේ ප්‍රධාන ධාරාවේ පක්ෂ හා ලෞකික ජාතිකවාදීන් දක්වා විහිදේ. මේ වන විට රටේ පළාත් හතරෙන් පන්ජාබ්, සින්ද් සහ බලුකිස්තානය යන ප්‍රදේශවල විශාල පෙළපාලි පවත්වා තිබේ. අධිකරණය පීඩනයට පත් කරන,  ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කරමින් යන ආණ්ඩුව පෙරළා දැමීමට තමන්ට අවශ්‍ය බව විරුද්ධ පක්ෂ පවසයි. පී.ඩී.එම්. යනු පාකිස්තානයේ නිරන්තර සිවිල් මිලිටරි ගැටුමේ “සැබෑ” ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් නවත ම සන්ධානයයි. එහෙත් මේ වතාවේ කැපී පෙනෙන සිදුවීමක් වන්නේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහජන දේශපාලනයට නැවත පැමිණීමයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2018 දී බලයට පත් වූයේ ප්‍රබල මැතිවරණ ප්‍රතිඵල යටතේ ය. කෙසේ වුවත් පාකිස්තානයේ මීළඟ මහ මැතිවරණය 2023 වන තෙක් පැවැත්වෙන්නේ නැත.

About The Author