“වැලිකඩට කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට” යන සිරස්තලය යටතේ පළවූ පුවත අසත්‍ය බව බන්ධනාගාර මූලස්ථානය නිවේදනය කරයි.
එම පුවතේ සඳහන් පරිදි කිසිදු බන්ධනාගාරයක රැඳවියකු නිලධාරීන්ගේ විවේකාගාරයක රැඳවීමට කටයුතු කර නොමැති බවත්, බන්ධනාගාර රෝහලේ කොටසක් පමණක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්. එම්. ටී. එන්. උපුල්දෙනිය මහතාගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වේ.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි