කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ කතා පුවත බටහිර ජැටිය විකිණීමට මාරු වී අවසන්වත්ම මෙරට තවත් පෙරදන වරායවල් දෙකක් සහ කුඩා වරායවල් කිහිපයක්ද විදෙස් රටවලට බදු දීමේ උත්සාහයක් පිළිබඳ වාර්තා වෙමින් තිබෙනවා.
එම ප්‍රධාන වරායවල් තුන වන්නේ ගාලු වරාය , තිකුණාමලය වරාය සහ කන්කසන්තුරෙයි වරායයි.
මීට අමතරව දික්ඕවිට ධීවර වරාය ඇතුළු තවත් වරායවල් කිහිපයක්ද මෙලෙස බදු දීමට යන බව හෙළිවී තිබෙනවා.
කන්කසන්තුරේ , ගාල්ල සහ කන්කසන්තුරේ වරායන් රාජ්‍ය සහ පුද්ගලික අංශ සම්බන්ධ මිශ්‍ර ව්‍යාපෘති ලෙස සංවර්ධනය කරන බව පැවසුවද මේවන විට වාර්තා වන්නේ වසර කිහිපයක් 30 කට වඩා වැඩි කාල සීමාවන් සඳහා මෙම වරායන් බදු දීමේ සුදානමක් ඇති බවයි.
මේ වන විටත් ගාලු වරායේ අක්කර 07 කට ආසන්න භුමි ප්‍රදේශයක් වසර 30ක කාලයක් සඳහා බදු දීමට තීරණය වී තිබෙනවා.
එමෙන්ම කන්කසන්තුරෙයි වරායද රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කරන බව වරයා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින්ද තහවුරු කර ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම වරයා හෝ කොටසක් බදු දීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවයි.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක