Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී කෑලි එපා, ලංකාවට නිකම්ම ජනරජය කිව්වම ඇති – ගම්මන්පිලගෙන් යෝජනාවක්

දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවට ශ්‍රී ලංකා ජනරජය ලෙස පමණක් යෙදීමට තමන් යෝජනා කරන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ඔහු මේ යෝජනාව ගෙන එන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කරනු ලබන යෝජනාවක් ලෙසයි.

මීට අමතරව බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්කිරීම, ජනාධිපති ධුරයේ වාර සීමාව ඉවත් කිරීම සහ ජනපතිවත් මහ මැතිවරණයෙන්ම තෝරාපත් කරගැනීම ඇතුළු නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව වෙත ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වන ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධූරය තවදුරටත් රැකගත යුතු බවයි. එමෙන්ම එය ව්‍යවස්ථාදායකයට වගකියන අධිකරණයට යටත් ධූරයක් බවට පත් කළ යුතු බවයි.

ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති ධූරය භාර ගැනීමට අවශ්‍ය නීතිමය වට පිටාවක් අවශ්‍ය බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා ජනාධිපති ධූරයට දැරීමට හැකි වාර සීමාව ඉවත්කළ යුතු බවද යෝජනා කරනවා.

සියලුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති අහෝසි කර එක රටක් එක නීතියක් යටතේ සමස්ත ජනතාවම පාලනය විය යුතු බවද ඔවුන්ගේ තවත් එක් යෝජනාවක් .