Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පශ්චාත් බ්‍රෙක්සිට්

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා සිකුරාදා එකඟතාවයකින් තොර ව අවසන් ව ගොස් තිබේ. මෙහි දී ධීවර කටයුතු සහ රජයේ සහනාධාර ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කර ගැනීමට දෙපාර්ශ්වය ම අනෙක් පාර්ශවයෙන් ඉල්ලා සිටියහ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ යුරෝපා සංගම කොමිෂන් සභාවේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් එක ව “පශ්චාත් බ්‍රෙක්සිට්” වෙළඳ ගනුදෙනුවක් ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳ එකඟ වී තිබෙන බව පෙනේ. යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය අතර සාකච්ඡාවල දී දෙපාර්ශ්වය යම් කිසි ප්‍රගතියක් ලබා ඇති බවට ඔවුන් එකඟ වූ නමුත් “සැලකිය යුතු හිඩැස්” තවමත් පවතින බව ද ඒ හා සමඟ ම ස්ථිර විය. දෙදෙනා ම ඔවුන්ගේ ප්‍රධාන මැදිහත්කරුවන්ට උපදෙස් දී ඇත්තේ එම හිඩැස් පියවා ගැනීම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියා කරන ලෙස ය. එසේ නම් දෙපාර්ශවයට ම මෙම ගිවිසුම ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවක් ඇති බවට නිගමනය කළ හැකි ය.

එක්සත් රාජධානියේ ප්‍රධාන නියෝජිතයෙකු වන “ලෝඩ් ෆ්‍රොස්ට්”,  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර මතභේද විසඳීමේ කටයුතු ලබන සතියේ හැකි ඉක්මනින් ආරම්භ කෙරෙන බවයි. මීට පෙර ලීඩ්ස් හි සංචාරයක යෙදී සිටිය දී ජොන්සන් මහතා ද කියා සිටියේ යුරෝපා සංගමය සහ කැනඩාව අතර ඇති වූ ගනුදෙනුව වැනි ගනුදෙනුවක් තමාට අවශ්‍ය බව ය. එනමුත් ගනුදෙනුවක් නොමැතිව ඉවත්ව යාමට සිදුවුවහොත් ඊට ද එක්සත් රාජධානිය සූදානමින් සිටින බව ඒ මහතා පැවසී ය.

“අපි සියලු දෙනා එක ම කාර්යයක් සඳහා සූදානම් ව සිටිමු. එය ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු. නමුත් තීරණය අපගේ මිතුරන් හා හවුල්කරුවන් සතුය” යනුවෙන් ජොන්සන් මහතා කියා සිටියේ ය.

දෙපාර්ශ්වය ම තම මතභේද නිරාකරණය කර ගැනීම සඳහා ඔක්තෝබර් මාසයේ දී කිසියම් කාලසීමාවක් නියම කර ගෙන තිබෙන්නේ ද වොන් ඩර් ලේන් මහත්මිය මෙම ගිවිසුමේ වගන්ති ස්ථිර කර ගැනීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා සිටීමත් සමඟ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author