Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පවුල් වුණු ශහිඩ්


දැනට අවුරුදු පහකට විතර කලින් සුපිරි බොලිවුඞ් නළු ශහිඞ් කපූර් කසාදයක් බැඳලා තැන්පත් වෙන්න තීරණය කළා. මේ ආරංචිය ඇහුවම ශහිඞ්ගේ සමහර රසිකයන්ට කෙසේ වෙතත් රසිකාවියන්ට නම් ටිකක් දුක හිතුණා. කොහොමටත් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ වැඩියෙන් ම ඉල්ලූම තියෙන්නේ අවිවාහක නළු නිළියන්ට නේ.


ක්ෂේත‍්‍රයට ආව දවස්වල ශහිඞ්ගේ පේ‍්‍රම පුරාණය ලියවෙන්නේ “ජබ් වී මෙට්” රඟපෑව කරීනා කපූර් එක්ක. ඒත් කරීනා ඒ කතාව හමාර කළා. ඊට පස්සේ මෑතක් වෙනකල් ශහිඩ්ට ළං වෙලා හිටයේ සුපිරි නිළි ප‍්‍රියංකා චොප්රා. කරීනාගේ වෙන් වීමෙන් දුකට පත් වෙලා හිටිය පෙම්වතාගේ හිත හැදුවේ ඇය. දෙන්නා එකට රඟපෑව ”කමීනේ” චිත‍්‍රපටයෙන් පස්සේ මේ සම්බන්ධතාවය ආදරයකට පෙරලූනා කියලයි හුඟ දෙනෙක් කිව්වේ. ආදරය කෙසේ වෙතත්, ප‍්‍රියංකාගේ ගෙදර ගිහින් දොරට තට්ටු කළාම ශහිඞ් ඇවිත් දොර ඇරපු අවස්ථා නම්, කිහිපයක් ම තිබුණු බව අහන්න ලැබුණා. ඒත් ඊට පස්සේ එයත් ශහිඞ් එක්ක වැඩි ඇයි හොඳයියක් නැතිව ගියා. ඒ නිසා ඔහු ආයෙත් තනි වුණා. තමන්ගේ පරණ පෙම්වතිය වුණු කරීනාත් 2012 අවුරුද්දේ දී විතර කසාද බැන්ද නිසා, ඒ තනිකම තවත් වැඩි වුණා.

තනිකමේ බරපතල කම කොයි තරම් ද කියනවා නම් ශහිඞ් කිව්වා ලූ දැන් එයා, තමන්ට හම්බ වෙන ඕන ම හොඳ කෙල්ලෙක් තරාතිරම බලන්නේ නැතිව ම කසාද බඳිනවා කියලා. ඒ කියන්නේ තමන් බඳින කෙල්ල පොහොසත් ද? රඟපෑම ගැන දන්නවා ද? පවුල් පසුබිම කොහොම ද? කියන එක තියා ඉන්දියානු ජාතිකයෙක් ද? කියන එක වත් එයාට වැදගත් වුණේ නැහැ ලු. එක ම දේ කෙල්ලට යහපත් ගතිගුණ තියෙනවා ද කියන එක විතරයි ලු. මේක දැන ගත්තම නම්, මේ ආරංචිය පළවෙනියෙන් ම අහපු වෙලාවේ දුක් වුණු රසිකාවියන් හුඟ දෙනෙකුගේ මුහුණේ හිනාවක් ඇඳුණා.

ඒ කොහොම වුණත් අන්තිමේ දී ශහිඩ් බැන්දා. වාසනාවන්තියගේ නම වුණේ “මීරා රාජ්පුත්”. මේ ආදරය කොයි තරම් මල්ඵල ගැන්විලා ද කිව්වොත් මේ වෙනකොට ඒ දෙන්නට “මීෂා” සහ “සයින්” කියලා බබාලා දෙන්නෙකුත් ඉන්නවා.