Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරිසර දැනුමින් අගතැන් විද්‍යාර්ථයෙකු වූ නීතිඥ ජගත් ගුණවර්ධනයන්ට ජ’පුර සරසවියෙන් ආචාර්ය උපාධියක්

පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ඊයේ පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණි.

රටේ පවතින ගෝලීය ආපදා තත්ත්වය හේතුවෙන් මෙම උපාධි ප්‍රදානය කිරීම උත්සවයක් ලෙස නොපැවැත්විණි.

විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී.

එම අවස්ථාවට මහාචාර්ය ලලීන් කරුණානායක, මහාචාර්ය හිරාන් අමරසේකර, ලේඛකාධිකාරී කේ.ජී බ්‍රිටෝ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නීතිඥ ජගත් ගුණවර්ධන මහතා දශක ගණනක් පුරා රට වෙනුවෙන් කළ මෙහෙයට ආචාර්ය උපාධියක් ප්‍රදානය කිරීම සුදුසු බව ව්‍යවහාරික විද්‍යා පීඨයට යෝජනා කර ඇත්තේ මහාචාර්ය හිරාන් අමරසේකකර මහතාය.

ආචාර්ය උපාධිය ලැබීමෙන් පසුව ජගත් ගුණවර්ධන මහතා පැවසූ අදහස් මෙසේය.

”මං මේ විෂය ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලයක් කටයුතු කළේ යම්කිසි පිළිගැනීමක් හෝ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නෙමෙයි. ඒ නිසා බලාපොරොත්තු නොවූ දෙයක් ලැබුණහම ඒකෙ සතුට වැඩිපුර දැනෙනවා. ඒකෙ තියෙන ශක්තිය සතුට වටිනාකම කියලා නිම කරන්න බෑ . ඒ වගේ ම තවත් බොහෝ දෙනෙකුට මේ ඇගයීම දිරි ගැන්වීමක් වේවි.”

”මාව ගොඩක් අය දන්නෙ නීති ක්ෂේත්‍රයේ කෙනෙක් විදියට. නමුත් මම ජීව විද්‍යාව අධ්‍යයන කරල ආපු කෙනෙක් . ජීව විද්‍යාව සහ කෘෂි විද්‍යාව අධ්‍යනය කළ තමයි නීති ක්ෂේත්‍රයට ඇතුළත් වුණේ .මම නීති ක්ෂේත්‍රයට යනකොට මට තිබුණු ඒ ජීව විද්‍යාත්මක පසුබිම කවදාවත් අමතක කළේ නෑ ,” යනුවෙන් ද ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

About The Author