ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා චීන ජාතික ශ්‍රමිකයන් පන්සිය දෙනෙකු කැඳවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
2021 සහ 2022 වර්ෂ සඳහා මොවුන් කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.
2020 සැප්තැම්බර් මස දෙවෙනිදා අදාළ තීරණය ගෙන ඇති අතර විදුලි සේවකයින් පෙන්වා දෙන්නේ මේ පිටුපස යම් අභිරහසක් පැවතිය හැකි බවයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය කින් තොරව මෙගා වොට් 300 ක විදුලි බලාගාරයක් ඉදිකිරීමට චීන සමාගමකට අවසර ලබාදී ඇති බවත් එහි සම්පූර්ණ අයිතිය ද චීන සමාගමට පවරා ඇති බවටත් චෝදනා එල්ල වනවා.
මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය අයත් නොරොච්චෝලේ පිහිටි විදුලි බලාගාර නඩත්තු කටයුතු වෙනුවෙන් ද චීන කාර්මිකයින් ගෙන්වීම හේතුවෙන් ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම චීන කලාපයක් බවට පත්වනු ඇති බව පෙන්වා දෙන සේවකයන් විදුලි බලාගාරවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බවටද අනතුරු හඟවනවා.
මේ පිළිබඳව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ගෙන් විමසූ විට ඔහු පැවසුවේ නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු කටයුතු තවමත් සිදු කරනුයේ චීන සමාගම් විසින් බවයි.
එයට හේතුව ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමත් දේශීය ඉංජිනේරුවන්ට සහ තාක්ෂණවේදීන්ට නොමැති වීම බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම ඉදිරියේ දී ඉදිකරන බලාගාරය සම්පූර්ණයෙන්ම චීනයේ අයිතියට පවරා නැති බවද ඔහු ප්‍රකාශ කළා.
© මුලාශ්‍රය – රුක්මල් බණ්ඩාර – රාවය පුවත්පත
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි