තිස්සමහාරාම – පොල්ගහවැලෑන – පන්නෙගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකරන ලද කුළුණක් අද (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් විවෘත කර තිබෙනවා.
හොඳ හිත සිතුවිලි මන්දිර පරිශ්‍රයේ “හොඳ හිත නෙළුම් බුදු කුළුණ” නමින් මෙය ඉදිකර තිබෙනවා.
හොඳ හිත නෙළුම් බුදු කුළුණ මත ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුත් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
ශාසන කීර්ති ශ්‍රී කලාශූරි පූජ්‍යපාද රත්නපුරේ නන්ද හිමියන් විසින් එම බුදු පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙනවා.
හොඳ හිත නෙළුම් බුදු කුළුණ ඉහලටම නැගුන අගමැතිවරයා ඉහල සිට හාත්පස නිරීක්ෂණය කිරීමද විශේෂත්වයක්.
මේ අවස්ථාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් , මැදගොඩ අබේතිස්ස හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ කිහිප නමක්ද සහභාගී වී තිබෙනවා.

අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක