Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නීති කැඩූ අන්තරේ කැදවුම්කාර හිමිනම – පොලිසියෙන් හොදවායින් දෙකක් කියා කුදලාගෙන යයි !!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවස අසල අද විරෝධතාවයක් පැවැත්වුණා.

එය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින්.

2019 වසරේ උසස් පෙළට පෙනී සිටි සිසුන්ට මතුව ඇති Z අගය සම්බන්ධ ගැලුවට වහා විසදුම් ලබා දෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් සදහන් කළේ “අප්පච්චි” හමුවී ගැටලුව කීමට තමන් පැමිණි බවයි.

කෙසේ වෙතත් එහිදී උද්ඝෝෂකයන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් සිටි අතර පොලිසිය සදහන් කළේ අගමැති නිල නිවාස ඉදිරිපිට අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම නීතිවිරෝධී බවයි.

කෙසේ වෙතත් පොලිසිය ලබාදුන් උපදෙස් නොතකා ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීමට අදාල හිමි නම කටයුතු කිරීමත් සමග උණුසුම් වාතාවරණයක් ඇති වුණා.

අවසානයේ පොලිසිය කටයුතු කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කදවුම්කාර රත්කරව්වේ ජිනරතන හිමි පොලිස් භාරයට ගැනීමටයි.

එහිදී පොලිස් ජීප් රථයකට උන්වහන්සේ නැංවා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කල අතර ” උස්සල ගනින් , නැගපිය පරයා ඇතුළට” ආදී වශයෙන් අදාල භික්ෂුව ආමන්ත්‍රණය කරන බව හැඟි යන ලෙස පොලිස් නිලධාරීන්ගේ යයි අනුමාන කල හැකි පසු බිම් හඩවල් කිහිපයක් අසන්නට ලැබීම විශේෂත්වයක්.

About The Author