Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“නිල්, රතු සංකල්පය පරදවමු” – බයිඩෙන්.

“මේ, කටුක වාචාලකම දුරු කිරීමටත්, නැවත එකිනෙකා හඳුනා ගැනීමටත්, නැවත එකිනෙකාට ඇහුම්කන් දීමටත් කාලය යි. මෙයින් අනතුරු ව රටෙහි දියුණුවක් දැකීමට නම් අප අපගේ විරුද්ධවාදීන් හට සතුරන් ලෙස සැලකීම නතර කළ යුතු ය. මේ, ඇමරිකා එක්සත් ජනපදය බෙදීමට නොව එක්සත් කිරීමට කාලය යි.” ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩෙන් මහතා සිය ජයග්‍රහණයෙන් පසු ප්‍රසිද්ධියේ ජනතාව අමතමින් පැවසී ය.

ඩෙලවෙයාර්හි පැවති උත්සවයක දී තමාට ඡන්දය නොදුන් අය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන්ට ද අවස්ථාවක් දී බලන ලෙස යි.

එනමුත් හිටපු ජනාධිපති ට්‍රම්ප් මහතා තවමත් මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් එකඟ වී නොමැති අතර ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටිය දී ඔහුගේ පරාජය ප්‍රකාශයට පත් කළ දා සිට අද දක්වා ප්‍රසිද්ධියේ කතා කර නැත.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රතිඵල පිළි ගත නොහැකි බව කියමින් විවිධ ප්‍රාන්තවල නඩු පවරා ඇති නමුත් මැතිවරණ නිලධාරීන් පවසන්නේ ඔහු කියා ඇති පරිදි ගැටලු සහගත ලෙස ඡන්දය පාවිච්චි කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

බයිඩෙන් මහතාගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු ව බලාපොරොත්තු සුන් වූ ට්‍රම්ප් ආධාරකරුවන් සමහර නගරවල උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කළ කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ වාර්තා නොවේ.

තම උපන් ගම වන විල්මිංටන්හි වාහන නැවැත්වීමේ ස්ථානයක දී ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසකට එක් වෙමින් බිඩෙන් මහතා මෙසේ පැවසීය: “බෙදීමට නොව එක්සත් වීමට උත්සාහ කරන ජනාධිපතිවරයකු වීමට මම ප්‍රතිඥා දෙමි. රතු රාජ්‍යයක් හෝ නිල් රාජ්‍යයක් නොදකින, එක්සත් ජනපදය පමණක් ම දකින නායකයෙකු වීමට මම පොරොන්දු වෙමි.”

එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයෙකු මෙතෙක් ලබා ඇති ඡන්ද ප්‍රමාණය අනුව මිලියන 74කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගෙන ඇති බයිඩෙන් මහතා, සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී ජනතාව විසින් ලබා දෙන ලද විවිධාකාරයේ සහයෝගයන් සියල්ලට ම ප්‍රශංසා කළ අතර, විශේෂයෙන් අප්‍රිකානු – ඇමරිකානු ඡන්ද දායකයින් වෙත සිය ස්තූතිය පුද කළේ ය.

About The Author