Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිරෝධායනයට නොමිලේ හෝටල් දෙන බව කියු අය කළේ බොරුවක්! ඇමති නාමල් හෙළිකරයි

රජය විසින් ගෙන යන නිරෝධයන ක්‍රියාවලිය සඳහා නොමිලේ හෝටල් ලබා දෙන බව කියූ පුද්ගලයන් මේ දක්වා එලෙස කිසිදු හෝටලයක් නිරෝධායන කටයුතු සඳහා නොමිලේ ලබා දී නොමැති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔවුන් හෝටල් නොමිලේ ලබා දෙන බව පවසා එසේ නොකර සිටින්නේ නම් ඒ බවද ජනතාවට හෙළි කළ යුතු බවයි රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ.

පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පලකළ අමාත්‍යවරයා අවධාරණය කළේ නිරෝධායනය මුවාවෙන් යම් කණ්ඩායම් ජාවාරමක නිරතවන්නේද යන්න පිළිබඳව ද කරුණු සොයා බැලිය යුතුව තිබෙන බවයි.

එමෙන්ම මෙරටට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට මුදල් ගෙවා නිරෝධායනය වීම අනිවාර්ය කර නැති බවද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

ඔහු සදහන් කළේ මේ වනවිටත් 45000 කට අධික පිරිසක් ගෙනවිත් නොමිලයේ නිරෝධායනයට ලක්කර ඇති බවයි.

ඉදිරි කාලය තුළ ගෙන්වා ගන්නා සියලුම ශ්‍රී ලංකික ශ්‍රමිකයන් නොමිලයේ නිරෝධායනය කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමන්ගේද මැදිහත් වීම මත වැඩ පිළිවෙලක් සකසන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා ලබන 11 වනදා සිට විශේෂ ගුවන් යානා යොදවා ඇති බවත් එම වැඩ පිළිවෙල රජයේ පුර්ණ අධීක්ෂණය හමුවේ සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළා.

එමෙන්ම කොරෝනා හරහා ජනතාව සුරාකෑමට ලක්කරන මෆියාවන් වේ නම් ඊට එරෙහිව තමාද කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

නාමල් රාජපක්ෂ – පාර්ලිමේන්තුව 2021.01.09
නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන ආකාරයෙන් නිරෝධායන කටයුතු සඳහා හෝටල් නොමිලේ ලබා දෙන බව කිව්වේ කවුද? fact check

අප මේ සම්බන්ධයෙන් සිදු කල තොරතුරු විශ්ලේෂණයේදී අපට අනාවරණය වුයේ කිසිදු හෝටල් හිමියෙකු තම හෝටල් නොමිලේ ලබා දෙන බව පවසා නැති බවයි.

නමුත් ඔවුන් තම හෝටල් නිරෝධායන කටයුතු සඳහා තාවකාලිකව ලබා දෙන බව පවසා තිබුණා.

විශේෂයෙන්ම මාධ්‍ය ආයතන සභාපතිවරයෙකුද වන දීලත් ජයවීර මහතාට අයත් වස්කඩුවේ පිහිටි කාමර 150 කින් යුත් “Citrus” හෝටල් සංකීර්ණය නිරෝධායන කටයුතු සදහා ලබාගන්නා ලෙස යුද හමුදාපතිවරයාට දැනුම් දෙමින් දිලිත් ජයවීර මහතාම යැවූ ලිපියට මාධ්‍ය හා සමාජය මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා.

මෙම සදහන් කිරීමට අනුව රට මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්වයෙන් ගොඩ ඒම සඳහා දිලිත් ජයවීර මහතා මෙන්ම ජෝන් කීල්ස් සහ හේමාස් සමාගම් තම හෝටල් කිහිපයක් නිරෝධායන කටයුතු සඳහා ලබා දෙන බව සදහන් කර තිබුණා.

නමුත් මෙම කිසිදු අවස්ථාවක “නොමිලේ මෙම හෝටල් ලබා දෙනවා” යනුවෙන් නම් සඳහන් වුයේ නැහැ.

කෙසේ වෙතත් මාධ්‍ය හරහාම ගෙන ගිය වාර්තාකරණයන් තුළ ජනතාවට ඒත්තු ගැන්වී තිබෙන්නේ මෙම හෝටල් නොමිලේ පරිත්‍යාග කර ඇති බවටයි.

අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති2020.03.21

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට එකදු පුද්ගලික හෝටලයක්වත් නිරෝධායන කටයුතු සඳහා නොමිලේ පරිත්‍යාග කර නොමැති බවයි.

සිදුව ඇත්තේ කුමක්ද යන්න පිලිබඳ අප ඔබට කරුණු වාර්තා කර ඇති අතර වී ඇත්තේ කුමක්දැයි යන්න අවබෝධ කරගැනීම ග්‍රාහක ඔබට භාර කරන්නෙමු.

නමුත් අවසානයේ සිදුව ඇත්තේ කොරෝනා හේතුවෙන් දිවයිනේ සියලුම හෝටල් වැසී යද්දී නිරෝධායනයට තම හෝටල් නොමිලේ පරිත්‍යාග කළ බව පැවසු පිරිස් තම හෝටල් යොදා ගනිමින් යහමින් මුදල් උපයමින් නිරෝධායන කටයුතු සදහා බව පවසමින් තම හෝටල් කාමර පිටරට සිට පැමිණෙන දේශීය සංචරකයන්ටම අලෙවි කොට අදායම ඉපයීමක්ද ? යන්න සොයා බලා ජනතාව ජනතාව දැනුවත් කිරීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කරනු ඇතිබව අපගේද විශ්වාසයයි.

About The Author