නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔහු පවසන්නේ තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේද ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීමට පැමිණි නමුත් තමන් ඊට එකඟත්වය පල නොකළ බවයි.
අවශ්‍ය නම් බටහිර පර්යන්තය ඉදි කිරීම වෙනුවෙන් ආයෝජනය කරන ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බවද සිරිසේන මහතා සදහන් කලේ වාද්දුව ප්‍රදේශයේ පවතී උත්සවයකට සහභාගී වන අතර තුර මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට ලබා දීමට තමා එකඟ නොමැති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් සිරිසේන මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි