අගෝස්තු 20 වැනි දින පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එදින පස්වරු 3ට ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසා ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කෙරෙනු ඇත.
ලබන 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් දිවුරුම හා ප්‍රතිඥාව ලබා දීම සිදුකෙරේ.
ඉන් පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමට නියමිතව ඇත.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි