ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ කල්බදු කාලය සම්පූර්ණවීමෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව යන ගුවන් යානා 11ක් වෙනුවට නව ගුවන් යානා 11ක් ලබා ගැනීමටය.
අද (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා,
“මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය කල්පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන් ඉවත්ව යනවා. ඒ නිසා අපගේ ප්‍රමුඛතාවය හිමිවන්නේ ඒ සඳහායි. නමුත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් අප විසින් විශ්ලේෂණයක් සිදුකර අපගේ ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරනවා.”
එහිදී අදහස් දැක්වු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලය තුළදී ඉතා යහපත් කාර්ය සාධනයක් පෙන්වා තිබෙන බවය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට