Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අමාත්‍යංශ ලේකම්වරුන් 25ක් පත්කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහටත් ලේකම් ධුරයක්

නව කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා පත් කෙරුනු ලේකම්වරුන් පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව හිමිවන බලතල ප්‍රකාරවයි. සාමාන්‍යයෙන් අමාත්‍යංශ ලේකම් තනතුරු ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ ඉහල සුදුසුකම් ලැබූ නිලධාරීන්ට වුවද අභිනවයෙන් ඔඅත් කරන ලද අමාත්‍යංශ ලේකම්වරුන් අතරට රාජ්‍ය පරිපාලන සේවයට අයත් නොවන පුද්ගලයින් කිහිපදෙනෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයක්.

මීට පෙර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කිරීමද විශේෂත්වයක්.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

01-    ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා        – අමාත්‍ය මණ්ඩල ලේකම්
02-    ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා        – මහාමාර්ග අමාත්‍යාංශය
03-    එස්.ආර්. ආටිගල මහතා        – මුදල් අමාත්‍යාංශය
04-    ජේ.ජේ. රත්නසිරි මහතා        – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
05-    ජගත් පී.විජේවීර මහතා            – ජනමාධ්‍ය අමාත්‍යාංශය
06-    රවින්ද්‍ර හේවාවිතාරණ මහතා        – වැවිලි අමාත්‍යාංශය
07-    අනුර දිසානායක මහතා            – වාරිමාර්ග අමාත්‍යාංශය
08-    ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා    – කර්මාන්ත අමාත්‍යාංශය
09-    වසන්තා පෙරේරා මහත්මිය        – විදුලිබල අමාත්‍යාංශය
10-    එස්. හෙට්ටිආරච්චි මහතා        – සංචාරක අමාත්‍යාංශය
11-    ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා        – ඉඩම් අමාත්‍යාංශය
12-    එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා    – කම්කරු අමාත්‍යාංශය
13-    ආර්.එම්.අයි. රත්නායක මහත්මිය    – ධීවර අමාත්‍යාංශය
14-    මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
15-    එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා        – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
16-    එන්.බී. මොන්ටි රණතුංග මහතා    – ප්‍රවාහන අමාත්‍යාංශය
17-    ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා    – ජලසම්පාදන අමාත්‍යාංශය
18-    ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය        – වෙළෙඳ අමාත්‍යාංශය
19-    මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා    – සෞඛ්‍ය අමාත්‍යාංශය
20-    මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
21-    අනුරාධ විජේකෝන් මහතා        – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
22-    කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය        – බලශක්ති අමාත්‍යාංශය
23-    අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
24-    වෛද්‍ය අනිල් ජාසිංහ මහතා        –  පරිසර අමාත්‍යාංශය
25-    මහාචාර්ය කපිල පෙරේරා මහතා    – අධ්‍යාපන අමාත්‍යාංශය
26-    සිරිනිමල් පෙරේරා මහතා        – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

About The Author