Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ධනුෂ්ගේ නම මොකක්ද?

කාලයක් යෞවනයේ ජාතික ගීය වෙලා තිබුණේ “වයි දිස් කොලාවෙරි ඩී” ගීතය. සින්දුව කිව්වේ ධනුෂ්. හුඟ දෙනෙකුට අමතක වෙලා තිබුණට ධනුෂ් කියන්නේ ප‍්‍රවීණ කොලිවුඩ් නළු රැජිණිකාන්ත්ගේ දියණිය වන ඓශ්වර්යාගේ ස්වාමි පුරුෂයා. එයා ඒ සින්දුව කිව්වෙත් තමන් රඟපාන, තමන්ගේ බිරිඳ විසින් අධ්‍යක්ෂණය කරපු ”3″ (මූන්රු) කියන චිත‍්‍රපටය වෙනුවෙන්. “3” චිත‍්‍රපටය කරළියට ආවෙ 2012 අපේ‍්‍රල් මාසේ 13 වෙනිදා. 2002 අවුරුද්දේ තමන්ගේ තාත්තා අධ්‍යක්ෂණය කරපු නිර්මාණයකින් ම කළ එළි බැස්ස ධනුෂ්, අද වෙනකල් රඟපාලා තියෙන චිත්‍රපටි ගණන 50ක් විතර වෙනවා. එයින් සීයට අනූ නවයක් ම රසිකයින් බොහෝම ආශාවෙන් වැළඳ ගත්තා.


එතකොට ධනුෂ් අයිති වෙන්නේ කොලිවුඩයට නෙ. කොහොමද ඉතින් ඒ වගේ කෙනෙක් බොලිවුඩයට සම්බන්ධ වෙන්නේ? විශේෂයෙන් “3” චිත‍්‍රපටයේ ධනුෂ් රඟපාන අවස්ථා ගැන අවධානය යොමු කරපු බොලිවුඞ් අධ්‍යක්ෂවරයෙක් එයාට තමන්ගේ චිත‍්‍රපටයකට ආරාධනා කළා. අධ්‍යක්ෂවරයා “ආනන්ද් එල්. රායි”. චිත‍්‍රපටය ”රාන්ඣානා”. රසිකයන්ගේ සතුටටත් එක්ක ධනුෂ් ඒ ආරාධනාව බාර ගත්තා. ඇයි මේකට ධනුෂ්ව ම ගත්තේ? කියන ප‍්‍රශ්නයටත් ආනන්ද් ළඟ උත්තරයක් තිබුණා. එයා කියන්නේ එයාට ඕනේ වුණේ අවංක ඇස් දෙකක් තියෙන, ආකර්ශනීය වගේ ම සංවේදී කොල්ලෙක් ලූ. ධනුෂ් ගාව ඒ ලක්ෂණ ඕනෑවටත් වඩා තියෙනවා ලූ.

ඉතින් ඒ අවංක ඇස් තියෙන කොල්ලා තමන්ගේ වැඩ සේරම පැත්තක දාලා පිස්සුවෙන් වගේ හින්දි ඉගෙන ගන්තා. අහන්න දෙයක් නෑ. 2013 තිරගත වුණු “රාන්ඣානා” අදටත් අපි ආසාවෙන් බලනවා. අනිත් කාරණය තමයි අපි ඔය “ධනුෂ්, ධනුෂ් ” කිව්වට එයාගෙ නම ධනුෂ් නෙවෙයි. මේ අවංක ඇස් තියෙන කොල්ලගේ ඇත්ත නම් තමයි “වෙන්කටේෂ් ප්‍රභූ කස්තුරි රාජා”. කොහොමද ඒක…?

About The Author