දෝහා ගුවන්තොටුපලේ කසළ බඳුනක් තුළ පසුගිය මාසයේ කිසියම් දිනෙක දී අතහැර දමා ගිය ළදරුවෙකුගේ දෙමාපියන් හඳුනාගෙන ඇති බව කටාර් රජය පවසයි.
ඔවුන් පවසන්නේ කිසියම් ආසියානු රටක කාන්තාවක් ළදරුවා එලෙස විසි කර දැමීමෙන් පසු විදේශගත වී ඇති බව යි.
ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් තහවුරු වූයේ දරුවාගේ පියා ද ආසියානුවෙකු විය යුතු බවයි.
එම මව සොයා යෑමේ ක්‍රියාවලියේ දී කාන්තා මඟීන් සම්බන්ධයෙන් සිදුකරන ලද ආක්‍රමණශීලී විභාග සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ නිලධාරීන්ට චෝදනා පවා එල්ල වී ඇති බව සඳහන් වේ.
ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ නවසීලන්තයේ පුරවැසියන් ද ඇතුළුව සිඩ්නි නුවරට පියාසර කරමින් සිටි කාන්තාවන් පිරිසක් විසින් අදාළ ගුවන්තොටුපොළ නිළධාරීන් විසින් තම තමන් මෑතක දී දරු ප්‍රසූතියක් සිදු කළා ද යන්න පිළිබඳ සාක්ෂි සොයා බැලූ බවට පැමිණිලි කර තිබේ. දරුවාගේ මව්පියන් කවුරුන් වුව ද ඉන් අනතුරුව මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ කෝපයක් ඇති වී තිබෙන බව පෙනේ.
අත නොහැර කියවන තැන
ඊශ්‍රායලයේ ප්‍රහාරයක් වාර්තා වෙයි ..
පුටින්ට හදිසියේම වුණු දේ ..
විල් ස්මිත් ඉල්ලා අස් වෙයි