වත්මන් රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා ඇති බව ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පවසනවා.
ඔහු චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගු වරයා සම්පත් චන්ද්‍රික කුමාරතුංග රජය සහ මහින්ද රාජපක්ෂ රජය විසින් පිටරට සමාගම් වලට විකුණා දැමු බවයි.
කොළඹ වරායේ විශාලතම භූමියත් රාජපක්ෂ පාලනය යටතේ චීනයට විකුණුවා
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී කොළඹ වරායේ කොටසක් චීනයට විකුණා දැමු මහින්ද රාජපක්ෂ මහතා වරාය භුමියෙන් විශාලතම කොටසක් චීනයට පවරා දුන් බවත් අවසානයේ එම භුමිය අත්පත් කර ගෙන චීන රජය පැවැත්වූ උත්සවයේදී මෙරට ජාතික ගීය ගයනා කිරීමට මෙන්ම ජාතික ධජය පවා එසවීමට ඉඩකඩ නොලැබුණු බවත් සදහන් කළා.
නැගෙනහිර පර්යන්තය විකුණන්නේ සමගි පර්යන්තයේ උපකරණත් සමගයි
නිසි විදේශ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් චීනයට පසු ඉන්දියාව සතුටු කිරීම සදහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව විකුණා ඇති බවත්, මේ වන විට සමගි පර්යන්තයේ ඇති උපකරණ ද නැගෙනහිර පර්යන්තය වෙත ගෙනවිත් දමමින් සිටින බවටත් චෝදනා කළා.
රටවල් බැලන්ස් කරගන්න කෑල්ල කෑල්ල මාරුවෙන් මාරුව විකුණනවා
මෙම තත්වය තුල ඉදිරියේදී වරාය සේවකයින්ගේ වැටුප් පවා ගෙවීමට නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇති බවද පෙන්වාදෙන සුනිල් ද සිල්වා මහතා ඇමරිකාව,චීනය ,ඉන්දියාව ,ජපානය වැනි රටවල් විටින් විට සතුටු කිරීම සදහා රජය විසින් මෙරට සම්පත් විකුණා දැමීමට එරෙහිව සටන් කල යුතු බවද පවසනවා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ජනපතිවරණයට පෙර මහමැතිවරණයට වැඩි ඉඩක් – විධායකයේ සමාව අයැදීම අධිකරණයේ ස්ථාවරය සමඟ ගැටීමක
වසර දෙකට රනිල් ගහපු ගේම මෙන්න – පනත් 90ක් සම්මත කරගෙන
සමගි ජන බලවේගයේ සභාපති ධුරයට ඉම්ටියාස් !