ඊයේ (18) දින අනුරාධපුර වනජීවී කලාපයේ විහාරකලංචිය, විහාරපාලුගම ප්රදේශයේ නිවසක් වනජීවී නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ගෝනමස් කිලෝග්රෑම් 1 ග්රෑම් 800 ක්, ගල් ඉබිමස් ග්රෑම් 600 ක්, කබැල්ලෑ මස් කිලෝග්රෑම් 1 ග්රෑම් 940 ක්, මුවමස් ග්රෑම් 600 ක්, ඉබි බිත්තර 14 ක් සහ ජීවී ගල් ඉබ්බන් 6 දෙනකු සමඟ ඇත්දළ අත් පළඳනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අනුරාධපුර ශ්රී මහා බෝධියේ ප්රධාන කපු මහතා වන අතර ඊයේ අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්