Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් ! බොරු ගෙතුවාට රන්ජන්ට, ශානිට , පද්මිණී ට, පොලිසියට නඩු ! – ජනපති කොමිසම තීරණ සහ නිර්දේශ ලබා දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මහතාට (ආර්. දුමින්ද සිල්වා) යම් සහනයක් ලබාදීම යෝග්‍ය බවට ජනාධිපති කොමිසමක් විසින් ජනාධිපතිවරයාට පසුගියදා නිර්දේශ කිරීමත් සමග ඔහුව නිදහස් කරන ලෙස සිදු කෙරෙන බලපෑම් යළිත් වටයකින් ආරම්භවී ඇත.  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ මොහොතේ සිට ම දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවට පක්ෂපාති සංඝයා වහන්සේලාද සිවිල් සංවිධාන කිහිපයක්ද දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් කළ නමුත්, ජනාධිපතිවරයා හෝ අධිකරණ ඇමතිවරයා ඊට මේ දක්වා කිසිඳු ආකාරයකින් අනුකුලතාවයක් දක්වා නොමැත. 

කෙසේ වුවද ඒ වෙනුවෙට ජනාධිපතිවරයා විසින් ම පත්කළ ජනාධිපති කොමිසමක් විසින් දුමින්ද සිල්වාට සාධාරණයක් ඉටුවිය යුතු බවට නිර්දේශ කර සිටීමත් සමග ඔහුව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාට නැවත බලපෑම් එල්ලවෙමින් තිබේ. 

Duminda Report

අදාළ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපති කාර්යාලයේ දී අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදෙනු ලැබිය. 

මේ අතර ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුයේ, මරණ දඬුවම ලබා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා දුප්පත් මිනිසුන් ඉතා විශාල සේවාවක් කළ පුද්ගලයකු බවයි. 

ඔහු තවදුරටත් සිරගතව සිටිය යුතු පුද්ගලයෙකු නොවන බවත් ඔහු සම්බන්ධයෙන් රජය යම්කිසි ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතු බවත් එහිමියෝ එහිදී පැවසූහ. 

ඒ සම්බන්ධයෙන් රජය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ඇතැයි ද උන්වහන්සේ බලාපොරොත්තු වෙති. 

පැවැති යහපාලන සමයේ සිදුකළ වැරදි සොයා බලා සාධාරණය කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවත් ඒ අනුව දුමින්ද සිල්වාට ද සාධාරණයක් ඉටුවිය යුතු බවද උන්වහන්සේ සදහන් කළහ.  

මහාධිකරණ නඩු තීන්දුව :  

කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු අංක HC7781/15 දරන නඩුවේ 11වන විත්තිකරු වන අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා, දැනට එකී නඩුවේ චෝදනාවලට වරදකරු වී මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී. 

2016.09.08 දිනැති උක්ත ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු තීන්දුව බෙදුණු නඩු තීන්දුවකි.  එහි සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කර ඇති අතර සෙසු විනිසුරු දෙපළ වන පද්මිණී රණවක මහත්මිය සහ එම්.බී.එස්. මොරායස් මහතාගේ තීන්දුවෙන් 11 වන විත්තිකරු වන දුමින්ද සිල්වා මහතා , මනුෂ්‍ය ඝාතන චෝදනාවට වරදකරු කර මරණ දඬුවම නියම කර ඇත. 

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මහාධිකරණ තීන්දුව ඒකමතිකව අනුමත කළේය. කෙසේ වෙතත් මහාධිකරණ නඩු තීන්දුව, පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා (Judicial Review) සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව නිර්දේශ කර ඇත. 

එමෙන්ම, ‘දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව‘ ඒකමතිකව තීරණය කර ඇත්තේ, දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයෙහි ගොනු කරන ලද HC 7781/15 දරන නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කළ යුතුව තිබූ බවයි. 

දුමින්ද සිල්වාට මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති අංක HC833/16 දරන අධි චෝදනා පත්‍රයේ සඳහන් වරදවලට එකී දුමින්ද සිල්වා මහතාට වරදකරු කර මහාධිකරණය විසින් මරණ දඬුවම් සහ සිර දඬුවම් නියම කර, එකී දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබූ අවස්ථාවේ දී, මෙම කොමිෂන් සභාව ඉදිරියේ ඉදිරිපත් කෙරුණ නව සාක්ෂි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීම ගැන ඉදිරිපත් නොකිරීමෙන් යුක්තිය අවගමනය වී ඇති හෙයින්, 11 වන විත්තිකාර අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මහතාට වරදකරු කිරීම පිළිබඳව නඩු තීන්දුව, පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් සඳහා (Judicial Review) නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව නිර්දේශ කර ඇත.  

කොමිසමේ නිර්දේශ :

1.  මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, පද්මිණි රණවක හා ශානී අබේසේකර යන වගඋත්තරකරුවන්විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 189 වගන්තිය සමග කියවිය යුතු 191 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු බොරු සාක්ෂි සෑදීමේ වරද සිදුකර ඇති බැවින්ද, එසේම, එකී වරද සිදු කිරීම සඳහා අනුබල දීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 100 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු අනුබල දීමේ වරද සිදු කර ඇති බැවින්ද, එසේම, අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු දූෂණය නැමැති වරද සිදු කර ඇති බැවින්ද, නිසි අධිකරණ බලය ඇති අධිකරණයේ ඉහත නම්  සඳහන් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවරීම. 

2. පොලිස් නිලධාරීන් විසින් නීති විරෝධී අයුරින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් පැමිණිලිකරු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරකූඩුවල රඳවාගෙන සිටීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 335 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීම. 

3. වග උත්තරකරුවන්ට එරෙහිව නිසි අධිකරණ බලය ඇති අධිකරණ ඉදිරියේ චෝදනා පත්‍ර ගොනු කිරීම සඳහා මෙම නඩුවට අදාළ සාක්ෂි සහ ලේඛන ගොනු නීතිපතිවරයා වරයා වෙත සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යැවීමට කොමිෂන් සභාව නිර්දේශ කර සිටී. 

4. එසේම වැඩිදුරටත්, දේශපාලන පළි ගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ පැමිණිලිකරු රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීම කරන කොට ගෙන ඔහුට සිදුවූ හානි සඳහා පැමිණිලිකරුට යම් සහනයක් ලබා දීම යෝග්‍ය බවට කොමිෂන් සභාව නිර්දේශ කරයි. 

5.  එසේම පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදිවලට සහ දූෂණය කිරීමේ වරද සහ පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ වරදට පොලිස් විනය රීති යටතේ චෝදනා පත්‍රයක් ගොනු කර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවීම. 

Report 1
Report 2
Report 3
Report 4
Report 5

About The Author