භ්රත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින හිටපු මන්ත්‍රී ආර්. දුමින්ද සිලවා මහතාට නිදහස ලබා දිය යුතු යැයි අමත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ අද බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින්.
ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත වුවද, දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බවත් , රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් ඒ බව හෙළිවී ඇති බවත් විමල් වීරවංශ මහතා එහිදී පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි