Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දීපිකාගේ දිරච්ච ලණු

    දීපිකාත් හරි ලණු තමයි දෙන්නේ. දන්නවා නේ රේස් චිත‍්‍රපටය? දැනට අවුරුදු කිහිපයකට කලින් නිෂ්පාදකවරුන් ඒකේ දෙවන කොටසක් රූගත කරමින් හිටියා. පළවෙනි චිත‍්‍රපටයේ ජනප‍්‍රියත්වය ඒතකොටත් අඩු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දෙවැන්නත් සාර්ථක වෙයි කියලා තමයි හැමෝම හිතුවේ. දැන් නම් 3ත් ඇවිත් නෙ.

    කොහොමින් කොහොම හරි වැඬේට නළු නිළියෝ ටිකත් හොයා ගත්තා කියමුකෝ. දවස් 6ක් රූගත කිරීමත් කළා. මෙන්න හිටි හැටියේ ම ප‍්‍රධාන නිළිය වැඬේ මග අරින්න පටන් අරන්. අඩුම තරමේ එයා, තමන් එන නොඑන බව කියන්න වත් උනන්දුවක් දක්වන්නේ නැහැ ලූ. බොහොම අමාරුවෙන් නිළියගේ, ඒ කිව්වේ දීපිකාගේ කළමණාකාරවරයා සම්බන්ධ කර ගත්තත්, ඔහු කියනවා ලූ දීපිකාට මේ දවස්වල ඔයිට වඩා ලොකු ව්‍යාපෘතියක් ලැබිලා තියෙන නිසා පොඩි පොඩි වැඩවලට වෙලාවක් නැහැ කියලා. රේස් 2 නිෂ්පාදනය කළේ රමේෂ් තවුරාණි. දීපිකා කරපු මේ නොහොබිනා වැඬේ ගැන රමේෂ්ට හොඳට ම තරහා ගිහිල්ලා. එයා ප‍්‍රසිද්ධියේ දීපිකාට බැණ වැදුණා ලූ, දීපිකා කියන්නේ චිත‍්‍රපට ගැන දන්නෙත් නැති, රඟපෑම ගැන දන්නෙත් නැති මහ නරක කෙල්ලෙක් කියලා. තමන්ගේ අවුරුදු ගණනක චිත‍්‍රපට ජීවිතය තුළ මේ වගේ කෙනෙක් හම්බ වෙලත් නැහැ ලූ. රමේෂ් කියනවා එයාලා චිත‍්‍රපටය හදන්න පටන් ගන්න දින දාගෙන තිබුණත්, දීපිකා කරන් ජෝහර්ගේ චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා තිබුණු නිසා මුල දී ඒ වැඬේ මඟ හැරුණා ලූ. පස්සේ රමේෂ් පෞද්ගලික ව ගිහින් කරන් හම්බ වෙලා ලූ දීපිකා ව නිදහස් කර ගත්තේ. ඒත් එයා මොකද කළේ? දවස් 6න් ඒ සේරම අමතක කරලා දාලා හොලිවුඞ් චිත‍්‍රපටයක් එක්ක සම්බන්ධ වුණා. ඒ ලොකු ව්‍යාපෘතිය අයිති වුණේ රජිණි කාන්ත්ට.

    කොහොම වුණත් මේ වැඬේ ගැන දීපිකාට විරුද්ධ ව නීතිමය පියවරක් නම් ගත්තේ නැහැ. රමේෂ් කිව්වා මීට පස්සේ බොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ට දීපිකා එක්ක ගිවිසුම් අත්සන් කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි කියලා. අන්තිමේ දී දීපිකා ම ආයෙත් ආවා. ඒත් ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙන එක නම් ඒ තරම් හොඳ නැහැ නේ ද?  

About The Author