Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිලිත් ජයවීර නිරෝධායනයෙනුත් , නාමල්ගේ මාමණ්ඩිය කොරෝනාවෙනුත් මඩි තර කළ හැටි හෙළිවෙයි.

ආණ්ඩුව කොරෝනා වසංගතය දේශපාලන වාසි ලබා ගැනීම සඳහාත් තම හිතවතුන් සඳහා මූල්‍ය ලාභ ඉපයීම සඳහාත් යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.


පසුගියදා ජාතික රූපවාහිනියේ පැවති “මහජන දිනය” වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වරුණ රාජපක්ෂ මහතා මෙම චෝදනාව එල්ල කළා.


කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සමස්ත යාන්ත්‍රණයම බැසිල් රාජපක්ෂ මහතා යොදා ගනිමින් ආණ්ඩු  සිය මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය  බවට පත් කරගත් බවට ද ⁣චෝදනාවක් ද එල්ල කරනු ලැබුවා.


ආණ්ඩුවේ සමීප හිතවතෙකු වන දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා නිරෝධායනය වැඩපිළිවෙලද  තම ආදායම් මාර්ගය කරගනිමින් කටයුතු කරන අයුරුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ මහතාට අයත් LSR  හෙවත් Lanka Sportreizen ආයතනය මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ජනතාව රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදෙමින් එක් ගමන් වාරයකට නියමිත මුදලට වඩා කිහිප ගුණයක මුදලක් ලබාගනිමින් කෝටි ගණනක මුදලක් උපයා ඇති බවටත් ප්‍රකාශ කළා.


මේ සියලු අක්‍රමිකතාවන් සිදුකර ඇත්තේ රාජ්‍ය  බලය අයුතු ලෙස යොදා ගනිමින් බවටයි වරුණ රාජපක්ෂ මහතායි මහතා චෝදනා කරන්නේ.


අදාළ වීඩියෝව පහතින්. 

About The Author