Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“දළදා මාලිගාව ආණ්ඩුවේ ගෝණි සෙල්ලමට ගාව ගන්න එපා” – යුක්‍රේන සංචාරකයන්ගේ පැමිණීමට සමාජ විරෝධය

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වීම සඳහා පැමිණියා. 

ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් සදහා වෙනම ස්ථානයකින් ප්‍රවේශ වීමට ද පහසුකම් සලසා දී තිබු බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය පවසනවා.

කෙසේ වෙතත් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් දේශීය බැතිමතුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දැක්වුවා.

උන්වහන්සේ චෝදනා කළේ අදාළ සංචාරකයන් නිරෝධායන ක්‍රමවේද දහර කරමින් කටයුතු කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.“ යනුවෙන් ද සදහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂ යටිනුවර ආසන සංවිධායක මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා පවසන්නේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි. නමුත් ආණ්ඩුව තමන් විසින් ම පනවන ලද සෞඛ්‍ය නිර්දේශ පවා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම බරපතල කාරණයක් බව ද ඔහු පෙන්වා දෙනවා.

දින 14ක් තබා සතියක්වත් නිරෝදයනය නොකරන ලද මෙම සංචාරකයින් ලෝක උරුම දළදා මාලිගයේ සංචාරය කරවීම බරපතල අවධානම් තත්වයක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම යම් හෙයකින් දළදා වහන්සේ වෙනුවෙන් තේවා පවත්වන මහාසංඝරත්නය හෝ එම කණ්ඩායම කොරෝනා අවදානමට ලක් උවහොත් හෝ නිරෝධායනයට ලක් කිරීමට සිදුවුව හොත් හෝ දළදා වහන්සේගේ තේවා කටයුතු පවා නතර වීමේ අවධානමක් මතුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලොව පුරා බෞද්ධ ජනතවගේ වන්දනාවට පත් ලෝක උරුම දළදා මාලිගාව ආණ්ඩුවේ වගකීම් විරහිත ගෝනි සෙල්ලම් සඳහා බිලි දිය යුතු නැති බවද ඒ මහතා සදහන් කරනවා.

ඒ දළදා මාලිගාවට යුක්‍රේන සංචාරකයන් පැමිණීමෙන් පසු ඇප වෙත අදහස් දක්වමින්.