මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 29 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කළා.
මේ වන විට නව කොරෝනා වෛරස් ප්‍රභේදය ද රටට ඇතුළු වී ඇති බව තහවුරු වී තිබෙන අතර මහනුවර ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ යුක්‍රේන සංචාරකයන්ගේ පැමිණීමෙන් පසු දළදා මාලිගයේ ආරක්ෂක අංශ වල නිලධාරීන්ට කොරෝනා අසාදනය වන්නට ඇති බවයි.
නමුත් එම කිසිවක් සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
මහනුවර දළදා මාලිගය අසල වෙළදුන් සහ ජනතාව පවසන්නේ යුක්‍රේන සංචාරකයන් සමග පැමිණි දේශීය මගපෙන්වන්නන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් නගරයේ කඩසාප්පු වලට ද ඇතුළු වූ බවයි.
කෙසේ වෙතත් මේ වන විට දළදා මාලිගාව ආශ්‍රිත 236 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක